ජවිපේ - ශ්‍රිලනිප ප්‍රභලයෝ සජිත්ට සහය දෙමින් සජබට (වීඩියෝ)

Saturday, 25 May 2024 - 13:59

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%9A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B6%BD%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B6%B6%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සමගි ජන බලවේගයෙ විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගය හා එක්වුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත්, සමගි ජන බලවේගය සමග එකතු වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින්.

1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ ඔහු, 1994 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

එමෙන්ම 2001 වසරේ දී ආහාර වෙළෙඳ කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමත්‍යවරයකු ලෙස කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු තිලක් මහලේකම්ගේද සමගි ජන බලවේගය හා එක්වූ අතර, ඔහු 1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්ව වසර 7ක් මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයකුව සිටි එච්. සමන්ත බණ්ඩාරද විපක්ෂ නායකවරයාට සහය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories