ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන අභාවප්‍රාප්ත වෙයි

Saturday, 25 May 2024 - 14:16

%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපණ අභප්‍රාප්ත වී තිබෙනවා.

කලක් තිස්සේ අසනීප තත්වයෙන් පසුවූ ඔහු මෙලෙස මියගිය බවයි ඥාතීන් කියා සිටියේ.

මියයන විට 82 වියේ පසු වූ ඔහු උපත ලැබුවේ 1942 වසරේ ජනවාරි මස 01 දායි.

ගල්කිස්ස - ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විද්‍යාර්ථයෙක් වනවා.

1990 වසරේදී ඔහු ජනාධිපති නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

වරාය නගර කොමිෂන් සභාවේ ප්‍රථම සභාපතිවරයා ලෙසද ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපණ කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories