හන්තාන ඉඩම් කොල්ලයක් ගැන මන්ත්‍රී වසන්ත යාපාගෙන් පොලිසියට පැමිණිලි

Saturday, 25 May 2024 - 14:51

%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92
හන්තාන ඌරාගල ප්‍රදේශයේ සිදුකර ඇති ඉඩම් කොල්ලයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර, මහනුවර පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඔහු කියා සිටියේ ව්‍යාජ ලිපි ලේඛන උපයෝගී කරගනිමින් 1950 වර්ෂයේ සිට මෙම ඉඩම් කොල්ලය සිදුකර ඇති බවටයි.

සුන්දර කඳු පන්තියකින්ද වටවී ඇති හන්තාන වන රක්ෂිතය මහවැලි ගඟේ ජලපෝෂක ප්‍රදේශයක් වන අතර, එහි ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක ඉඩම් කොල්ලයක් හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට විනාශ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම ඉඩම් කොල්ලයට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර ඇතුළු පිරිසක් පසුගිය 18 වැනිදා උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර මෙම ඉඩම් කොල්ලය පිළිබඳව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහනුවර පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ඊයේ පැමිණිල්ලක් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories