පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක්

Saturday, 25 May 2024 - 14:54

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක්

2019 පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් බව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ පවසනවා.

හිරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා පුනරුත්ථාපනය කළ යුතු අන්තවාදි තරුණයින් බවට 2019 පාස්කු විමර්ශන කොමිසනම් වාර්තාවෙන් නම්කර සිටි අය බවයි.

ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඉන්දියාවේ අහ්බාද් ගුවන්තොටුපළේදී පසුගිය 20 වැනිදා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තා.

එලෙස අත්අඩංගුවට පත්වු සිව්දෙනා අතර, නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුත්‍රයෙකුද වන මොහොමඩ් නෆ්රාන් නවුෆර් නමැත්තාද වන අතර, ISIS සංවිධානය සමඟ එක්වෙමින් ඔවුන් ඉන්දියාවේදි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්ව සිටි බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන් විසින් අයි පි එල් අවසන් තරඟ ඉලක්ක කර සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරත ජනතා පක්ෂයේ ප්‍රබල සාමාජිකයින් සිව්දෙනෙක් ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීමට සැලසුම්කර තිබු බවට වාර්තා වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories