කෝටි 13.5කට මැණික් ගල් 14 ක් විකුණන්න ගිය හයක් අත්අඩංගුවට

Saturday, 25 May 2024 - 16:05

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+13.5%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+14+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මැණික් ගල් 14 ක් රුපියල් කෝටි 13.5කට අළෙවි කිරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුගස්තොට පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) මොවුන් අත්අඩංගුවට ගත් බවයි පවසන්නේ.

සැකකරුවන් පිරිස ගාල්ල, හිනිදුම හා කොළඹ පදිචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සැකකරුවන් අතර අඹුසැමි යුවළක්ද සිටි බවත්, ඔවුන් මැණික් ගල් රැගෙන මහනුවරට පැමිණ ඇත්තේ යතුරු පැදි වලින් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ඒ නිසා මෙම මැණිගල් ව්‍යාජ ඒවා බවට පොලීසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා මැණික් හා ස්වාරණාභරණ අධිකාරිය වෙත යොමු කර තිබෙනවා.

මැණික් ගල් පරීක්ෂා කිරීමට යොදා ගන්නා විදුලි පන්දමක් සැකකරුවන් සතුව තිබී පොලීසිය සොයාගෙන තිබුණා.

මැණික් ගල් දෙකක් සඳහා මැණික් හා ස්වරණාභරණ අධිකාරිය මගින් නිකුත් කළ සහතිකයක් සැකකරුවන් සතුව තිබී සොයා ගෙන ඇති අතර එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට සැක කරනවා.

එම වාර්තා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමුකර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories