දේශපාලනඥයින් හතළිහකට අල්ලස් පරීක්ෂණ

Saturday, 25 May 2024 - 17:42

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%85%E0%B7%92%E0%B7%84%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
අල්ලස් දූෂණ හා අයථා වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ මට්ටමේ දේශපාලනඥයන් හතළිහකගේ පමණ විමර්ශන අරඹා තිබෙන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම රජයේ තනතුරු දැරූ සංස්ථා හා ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහි විවිධ දූෂණ චෝදනා යටතේ නඩු පවරා තිබියදී තාක්‍ෂණික දෝෂ නිසා ඉල්ලා අස්කර ගත් නඩු නැවත පැවරීමට කඩිනමින් පියවර ගන්නා බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් වාර්තා වන්නේ.

ඉහත දේශපාලනඥයන්ගෙන් වැඩි පිරිසක් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන් බවයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසන්නේ.

සියලු විමර්ශන සක්‍රියව සිදුකිරීම සඳහා නව විමර්ශන කොමිෂන් සභාව යටතේ වැඩපිළිවෙලක් අරඹා තිබෙන බව එම කොමිෂන් සභාව පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories