රස වැඩිකළ හැකි අපූරු විද්‍යුත් හැන්දක්

Saturday, 25 May 2024 - 22:07

%E0%B6%BB%E0%B7%83+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A
ජපානයේ කිරින් හෝල්ඩින්ග්ස් සමාගම විසින් ආහාරවල ලවණ ගතිය සහ රස වැඩි කළ හැකි නව විද්‍යුත් හැන්දක් හදුන්වා දී තිබෙනවා.

ELECTRIC SALT SPOON නම් මෙය වඩා යහපත් ආහාර පුරුදු ප්‍රවර්ධනය කරන හැන්දක් බවයි එම සමාගම පවසන්නේ.

මෙම විද්‍යුත් හැන්ද හැඳින්වෙන්නේ අමතර සෝඩියම් නොමැතිව ලුණු රසය පමණක් වැඩි කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ප්‍රවර්ධනය කළ හැකි නව නිශ්පාදනයක් බවටයි.

කිරින් හෝල්ඩිංග්ස් පවසන්නේ ලුණු රසය ඇතුළු ආහාර රස වැඩි කිරීම සඳහා දුර්වල විදුලි ධාරාවක් හැන්දේ කෙළවරේ සිට ආහාර වෙත ගමන් කරමින් රසය දනවන බවයි.

බරින් ග්‍රෑම් 60 ක් වන මෙම හැන්ද නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියකින් ක්‍රියා කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories