චීනය දැමූ නම් ඉන්දියාව වෙනස් කරන්න යයි

Monday, 10 June 2024 - 18:10

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
චීනය විසින් සිය ඊසාන දිග දේශසීමා ප්‍රාන්තය වන අරුණාචල් ප්‍රදේශ්හි (ටිබෙට්) ස්ථාන 30ක ප්‍රමාණයක් නැවත නම් කිරීම ප්‍රතික්ෂේප කිරීමට හා, ඒවා තම භූමියේ කොටස් යැයි පවසමින් ප්‍රති-ප්‍රකාශ කිරීමට ද ඉන්දියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම මාධ්‍ය වාර්තා පවසන්නේ චීනය සමග එකට එක කිරීමක් ලෙස ඉන්දියාව මෙලෙස එම ප්‍රදේශ යළි නම් කරනු ඇති බවයි.

මෙම නම් ලැයිස්තුව ඉන්දීය හමුදා මූලාශ්‍ර විසින් පර්යේෂණයට ලක් කර ඇති බවත් එම වාර්තා සඳහන් කරනවා.

නව රජයක් බලයට පත්වීමෙන් පසු චීන පාලනය යටතේ පවතින ටිබෙටයේ ස්ථාන නාම ලැයිස්තුව නිකුත් කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බවයි එම වාර්තා වැඩිදුරටත් දක්වම්මේ.

ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ මතභේදයට තුඩු දී ඇති දේශසීමාවේ අනෙකුත් ප්‍රදේශ පිළිබඳ චීන ප්‍රකාශයන්ට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වීමක් ලෙස මෙම ලැයිස්තුව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.

මෙම නව 'නම්' පුළුල් ඓතිහාසික පර්යේෂණ මගින් අනුබල දෙන බව ද, නම් සඳහන් නොකළ හමුදා නිලධාරීන් පැවසූ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories