විජයදාසට නිකුත්කළ වාරණය දීර්ඝ කරයි

Tuesday, 11 June 2024 - 10:46

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම නඩුව අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවක අදාල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව වාරණ නියෝගය මේ මස 25 වන දක්වා දීර්ඝ කරන ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික මෙන්ම අමාත්‍යවරයකු වන ලසන්ත අලගියවන්න විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories