ඉකුත් වසරේ අගභාගයේ සිට ජාතික ගුවන් සේවය වන 'ශ්‍රීලන්කන් ගුවන් සේවය' සිය ගුවන් යානාවල ආර්ථික පන්තියේ (Economy class) මගීන් සඳහා පිරිනමන ආහාරවලට ගම්මිරිස් සහ ලුණු පැකට් ලබා දීම නවතා දමා ඇති බවත් මගීන්ගේ ඉල්ලුම මත පමණක් ම ඒවා ලබා දෙන බවත් වාර්තා වනවා.
කෙසේ නමුත් ආර්ථික පංතියේ මගීන් සඳහා පිරිනමන ආහාරවලට ගම්මිරිස් සහ ලුණු පැකට් ලබා දීම නවතා දමා ඇති පසුබිමක මෙම නිෂ්පාදන දෙකම ව්‍යාපාරික පන්තියට සැපයීම අඛණ්ඩව සිදු කරන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ කළු ගම්මිරිස්වල ඉහළ පයිපරීන් අන්තර්ගතයක් ඇති අතර එය අනෙකුත් රටවල නිෂ්පාදනය කරන කුළුබඩු හා සසඳන විට උසස් සහ තියුණු බවක් ලබා දෙනවා.
පයිපරීන් යනු ගම්මිරිස්වලට කටුක, සැර රසයක් ලබාදීම සඳහා උපයෝගී වන සංයෝගයයි.
මීට පෙර ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගම්මිරිස් සහ ලුණු සපයනු ලැබුවේ ගුවන් සේවයේ ලාංඡනය සහිත කුඩා ඇසුරුම්වල වුවත් ආර්ථික පන්තියේ මගීන්ට පමණක් ලබාදෙන ආහාරවල ලුණු සහ ගම්මිරිස් ඉවත් කිරීමට ගුවන් සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට හේතුව ලෙස සඳහන් වන්නේ, ආර්ථික පන්තියේ ගමන් කරන මගීන්ගෙන් බහුතරයක් ගම්මිරිස් සහ ලුණු භාවිත නොකරන බව අභ්‍යන්තර සමීක්ෂණයකට අනුව පෙනීයෑම බවත් එහි ප්‍රතිඵලයක් ලෙස භාවිතයට නොගත් පැකට් අපද්‍රව්‍ය ලෙස ඉවත දැමීමට සිදු වීමයි.

Follow US

Most Viewed Stories