කුකුළු මස්වලට රතු එළියක්

Tuesday, 11 June 2024 - 12:10

%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය අභිමුව ගංවතුරට හසු වී මියගිය කුකුළන් සුද්ද කර, පැකට් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ කුකුළු මස් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් ඉතා විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

මසට ඇති කරන කුකුළන් සුදු පැහැති වර්ණයක් ගන්නා බවත් මෙම කුකුළන් රතු පාටට හුරු වර්ණයක් ගන්නා බවයි මේ පිළිබඳව අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කොපමණ උෂ්ණත්වයට තැම්බුවත් විෂබීජ මැරෙන්නේ නැති බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දෙන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories