මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද (11) දහවල් පෘථිවියට බලපෑම් එල්ල කරනු ඇති බව නාසා ආයතනය පවසනවා.
මෙහි වැඩිම අවදානම සන්නිවේදන චන්ද්‍රිකාවලට එල්ල වනු ඇති බවටයි අපේක්ෂා කර ඇත්තේ.
මෑත කාලයේ සූර්යයාගෙන් නිකුත් වූ ප්‍රබල සූර්ය ගිනිදැල්වල බලපෑමෙන් එලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 40ක් පමණ විනාශ වී ඇතැයි ද වාර්තා වනවා.
තාරකා විද්‍යාඥයින්ට අනුව සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය සෑම වසර 11කට පමණ වරක් උපරිමයට පැමිණෙන විට මෙම ප්‍රබල සූර්ය ගිනිදැල් පිටවීම බොහෝ විට සිදුවනවා.
නාසා ආයතනය පෙන්වාදෙන්නේ පසුගිය සෙනසුරාදා දිනයේ සූර්යයාගෙන් පිටතට නිකුත් වූ මධ්‍යම ප්‍රමාණයේ ගිනිදැල් මගින් හටගත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට ළඟා විය හැකි බවයි.
ස්පෙස් එක්ස් සමාගම පවසන්නේ ඇතැම් චන්ද්‍රිකා දියත් කළ දිනට පසු දිනයේම ඇති වූ ඇතිවූ සූර්ය ගිනිදැල් හේතුවෙන් ඇති වූ චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමෙන් එම චන්ද්‍රිකාවල සාමාන්‍ය වේගය 50%ක ප්‍රතිශතයකින් පමණ වේගවත් වී ඇති බවයි.
මෙවැනි හදිසි අවස්ථාවකදී චන්ද්‍රිකා ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදය ද ක්‍රියාත්මක කරගැනීම අපහසු බවයි එම සමාගමේ ඉංජිනේරුවරුන් පෙන්වා දී ඇතතේ.
2024 වසරේ මැයි මස වන විට පෘථිවි කක්ෂය වටා ස්පෙස් එක්ස් සමාගම විසින් ස්ටර්ලින්ක් චන්ද්‍රිකා 6,078 ක් පමණ ස්ථානගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Follow US

Most Viewed Stories