පානදුර රන්කොත් විහාරස්ථානය තුල කාන්තාවක් මියගොස් තිබෙනවා.
එම කාන්තාව දුර පළාතක තැනැත්තියක් වන්නට ඇති බවයි පානදුර දකුණ පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.
මීට කළින් එම ප්‍රදේශයේදී මෙම කාන්තාව නොදුටු බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.
මිය ගිය කාන්තාවගේ ඇඳුම තෙමී තෙත සහිතව තිබූ බවයි පොලිසිය පවසන්නේ.
මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නෑ.
එම තැනැත්තියගේ වයස අවුරුදු 60 ක් 65 ක් පමණ වන අතර උස අඩි 05 අඟල් 01ක් බවද රතු පැහැති හැට්ටයක් සහ නිල් දුඹුරු පැහැති සායක් හැද සිටි බවයි පොලිසිය පවසන්නේ.
මෘත ශරිරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය සිදුකර බණ්ඩාරගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Follow US
Most Viewed Stories