කෙහෙළියගේ නිවෙස ඉදිරිපිට මල්වඩම් තැබුවාට අධිකරණයෙන් නියෝගයක්

Tuesday, 11 June 2024 - 13:15

%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධියට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අදාළ දර්ශන විකාශය කළ රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත අද (11) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

සාපරාධී බිය ගැන්වීමක් ,අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බව පවසමින් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ලගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය සිදුකරන විමර්ශන ප්‍රගතිය පොලිසිය විසින් අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories