බත්තරමුල්ලේදි සැමියා මිතුරෙකු සමග එක්ව බිරිද ඝාතනය කරයි

Tuesday, 11 June 2024 - 13:46

%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බත්තරමුල්ල, තලාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඇගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මිතුරෙකු විසින් මීට දින 05 කට පමණ පෙර මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

31 හැවිරිදි මියගිය කාන්තාව සහ එම වයසේම පසු වන ඇගේ සැමියා වන සැකකරු තලාහේන ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිිව සිට ඇති අතර, පසුගිය 06 වනදා ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

අනතුරුව ඇයගේ සැමියා සහ 44 හැවිරිදි ඔහුගේ මිතුරා මෙම ඝාතනය සිදු කිරිමෙන් අනතුරැව තලංගම පොළිසියට පැමිණිලි කර ඇත්තේ නිවසේ ඝාතනයක් සිදුව ඇති බවයි.

පසුව සිද්ධියට අදාලව ඔවුන් දෙදෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.

මේ අතර බත්තරමුල්ල ප්‍රදේශයේ ලැගුම්හලකදී 50 හැවිරිදි පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගෙන තිබෙනවා.

ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories