නේපාල නායකයා ලංකාව දෙකේ කොලේට දමා කියූ කතාව

Tuesday, 11 June 2024 - 15:09

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක තරගයක් හෙට (12) පැවැත්වීමට නියමිතයි.

ඒ නේපාල කණ්ඩායමත් සමගයි.

මේ වන විට මුහුණ දුන් තරග දෙක ම පරාජය වී ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමේ අවධානමක සිටින ශ්‍රී ලංකාව තරගාවලිය සම්බන්ධයෙන් යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් හෙට තරගය හොඳ දළ ලකුණු වේගයක් සහිතව ජයග්‍රහණය කළ යුතුයි.

එවන් තීරණාත්මක තරගයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින නේපාල කණ්ඩායමේ නායක Rohit Paudel අද පැවැති මාධ්‍ය හමුවක දී දැක් වූයේ මෙවැනි අදහසක්.

"විශේෂයෙන් ම අපි නෙදර්ලන්තයට එරෙහිව පරාජය වුණා. නමුත් අපිට මෙම තරගයට සූදානම් වෙන්න හොඳ කාලයක් ලැබුණා. ඉතිං මම හිතන්නේ ඒ කාල පරතරය අපට ප්‍රයෝජනවත් වුණා. ශ්‍රී ලංකාවට එරෙහි තරගයට සූදානම් වෙන්න සහ අනුගත වෙන්න.

අපි මෙහෙ පුහුණු සැසි තුන හතරකට පමණ සහභාගි වුණා. හෙට තරගයට ඉතා හොඳින් අපේ කණ්ඩායම සූදානම් සිටිනවා කියලා මට විශ්වාසයි."

ප්‍රශ්නය: මේ වන විට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොදරණ කණ්ඩායම් රැසක් ප්‍රබල කණ්ඩායම්වලට අභියෝගයක් වෙලා තියෙනවා. හෙට තරගය ඔබට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ හැකි බව ඔබ සිතනවා ද?

"ඇත්තට ම මෙවර ලෝක කුසලානය දෙස බලනකොට පූර්ණ සාමාජිකතවය නොමැති රටවල්, පූර්ණ සමාජිකත්වය ඇති රටවල් පරාජය කළා.

හෙට තරගය ජයග්‍රහණය කරන්න අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. පසුගිය මාස දෙකේ අපි ලෑස්ති වුණ විදිහත්, පසුගිය වසර එකහමාර තුළ අපි ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරයත් බැලුවම අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා."

ප්‍රශ්නය: ප්‍රතිවාදී ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කියන්න පුළුවන් ද?

"මම හිතන්නෙ ශ්‍රී ලංකාව තුළ ලොව පුරා හොඳන් ක්‍රීඩා කරන ඉතා හොඳ දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඉතින් පන්දු යැවීමේ අංශයක් විදිහට මම හිතන්නේ ඔවුන් හොඳින් ක්‍රීඩා කරනවා කියලා. ඒ නිසා අපි පන්දු යැවීම පිළිබඳව මූලික වශයෙන් අවධානයක් යොමු කරනවා. හෙට අපි අපේ දක්ෂතා මුලු ලෝකෙට ම පෙන්වන්න ලෑස්තියි."


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories