කිලෝ ගණන් මත්ද්‍රව්‍ය නිවාස දෙකකින් මතුවෙයි

Tuesday, 11 June 2024 - 15:48

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මත්ද්‍රව්‍ය තොගයක් කොච්චිකඩේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

කොච්චිකඩේ පොලිස් වසමේ, පළඟතුරේ, කොච්චිකඩේ යන ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පරික්ෂා කිරීමේදී, එහි තිබී කේරල ගංජා කිලෝ 01යි ග්‍රෑම් 25ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ රුපියල් 1,185,000ක මුදලක්ද සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එම නිවසේ තාවකාලිකව පදිංචිව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමේදී ඇය තාවකාලිකව පදිංචිව සිට ඇති කඩවත ප්‍රදේශයේ තවත් නිවසක්ද පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහි තිබී තවත් කේරළ ගංජා කිලෝ 27 යි ග්‍රෑම් 285ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories