ගුරුවරියගේ ඡායාරූප අසභ්‍ය ලෙස සැකසූ සිසුවාට ඇප

Tuesday, 11 June 2024 - 17:15

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
සමාජ මාධ්‍ය සමූහයන්ට ගුරුවරියකගේ සංස්කරණය කරමින් සැකසූ නිරුවත් ඡායාරූප එක්කළ එම පාසලේම සිසුවෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් අද (11) නියෝග කර තිබෙනවා.

වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ 18 හැවිරිදි සිසුවෙකු එලෙස ඇපමත මුදාහළ අතර, සැකකරුට අවවාද කරමින් අදාළ සේයාරූ වෙනත් සංස්කරණයන්ට භාජනය නොකරන ලෙසත්, සාක්ෂිවලට කිසිඳු බලපෑමක් නොකරන ලෙසත්, එසේ කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගුකොට නීතිකෘත්‍ය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බවටත් මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා.

සැකකරු මෙසේ වෙනත් කාමුක රූපවලට ගුරුවරියගේ මුහුණ යෙදූ ඡායාරූප Facebook හා Telegram නමැති සමාජ මාධවල කාමුක දසුන් සහිත සමූහවලට මුදාහැරීමෙන් එම පාසැලේම සේවය කරන වින්දිත ගුරුවරිය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්, සියදිවි හානිකරගන්නා අවදානමක් පවා පවතින බවත් අධිකරණයට 'බී' වාර්තාවක් මගින් සැකකරු ඉදිරිපත්කළ පොලිසිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එසේ මුදාහැරි දසුන් නැරඹූ ඇතැම් පිරිස් ගුරුවරිය අමතා ඇති අතර, ගුරුවරිය එවැන්නක් සිදුව ඇති බව දැනගන තිබුණේ ඒ අනුව බවත් පොලිසිය අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

එහෙත් සැකකරුගේ නීතිඥවරු අධිකරණයට පවසා ඇත්තේ එම සමූහයන්ගේ වගකීම් බාරගත නොහැකි බවයි.

එමෙන්ම මෙම නඩුවේ සාක්ෂි ලෙසින් ඉදිරිපත් කර ඇති අයද ඉතා අඩු වයසේ අය බවද පෙන්වාදෙමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories