ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජූනි 19වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.
අ.පො.ස උසස් පෙළ හදාරන තෝරා ගත් සිසුන් 6,000ක් වෙනුවෙන් මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් පුරා ලබා දීමට නියමිත ශිෂ්‍යත්ව අතරින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව 242 ක් හිමි වී තිබෙනවා.
ඒ අනුව එම සියලු ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඔවුන්ට හිමි හිඟ වාරික ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය එදින සිදු කිරීමට නියමිත බවද සඳහන්.
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000 ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන අනුව කොළඹ දිස්ත්‍රික්කයට දළ වශයෙන් ශිෂ්‍යත්ව 5,000ක් පමණ හිමිවනවා.
කලාප අධ්‍යාපන කාර්යාල මඟින් දැනටමත් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කර ඇති ශිෂ්‍යත්වලාභී නාම ලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 396 අතුරින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් 1758 දෙනෙකු සඳහා ද හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Follow US

Most Viewed Stories