ඩ්‍රෝන යානාවකින් එවරස්ට් කඳු මුදුනට ඔක්සිජන් ටැංකි ගෙන යයි

Tuesday, 11 June 2024 - 17:52

%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%80%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඩ්‍රෝන යානාවකින් එවරස්ට් කඳු මුදුනට ඔක්සිජන් ටැංකි 3ක් සහ කිලෝග්‍රෑම් 1.5ක් බර වෙනත් සැපසුම් කිහිපයක් ප්‍රවාහනය කිරීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරන්නට ලොව ප්‍රමුඛ පෙළේ ඩ්‍රෝන නිෂ්පාදකයෙකු වන DJI පසුගිය දා කටයුතු කර තිබුණා.

FlyCart 30 නමින් හැඳින් වූ අදාළ ඩ්‍රෝන යානය ආධාරයෙන්, මුහුදු මට්ටමේ සිට අඩි 17,598ක් උසින් පිහිටි මූලික කඳවුරේ සිට, අඩි 19,685ක් උසින් වූ පළමු කඳවුර දක්වායි මෙම සැපයුම් ප්‍රවාහනය කර තිබුණේ.

දැඩි සුළඟ, උෂණත්වය වැනි පාරිසරික තත්ත්වයන් මධ්‍යයේ සිදු කළ මෙම සැපයුම් ප්‍රවාහනය සම්බන්ධයෙන්, DJI පැවසුවේ FlyCart 30 ඩ්‍රෝන යානය සුළං ප්‍රතිරෝධය, අඩු උෂ්ණත්වය සහ බර ධාරිතා පරීක්ෂණ ඇතුළු ආන්තික පාරිසරික අභියෝගවලට මුහුණ දිය හැකි බව සහතික කිරීමට එම පරීක්ෂණයට භාජනය කළ බවයි.

තව ද මෙම ඩ්‍රෝන යානය හරහා උපකරණ, සැපයුම් සහ අපද්‍රව්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ හැකියාව විප්ලවීය පෙරලියකට භාජනය කරන අතර, එය එවරස්ට් කඳු නැගීම හා සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාව වැඩි කිරීමටත් ඉවහල් වනු ඇති බවයි DJI පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories