තමා යාපනයේ සංචාරය කරන අතරතුර රැකියා නොමැතිව යාපනය ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත තරුණයන් පිරිසක් හමුවූ බවත් ඔවුන් සමග සාකච්ඡා කිරීමේ දී උතුරු පළාතේ පමණක රැකියා විරහිත උපාධිධාරීන් 4,000ක් පමණ සිටින බව දැන ගැනීමට ලැබුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.
මේ වන විට රටේම 50,000ක් පමණ උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් ආර්ථික අර්බුධය හමුවේ පෞද්ගලික අංශයට හෝ ඔවුන්ට රැකියාවක් ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
බහුතරයක් කලා උපාධිධාරීන්ට පෞද්ගලික අංශය රැකියා ලබා දිම ප්‍රතික්ෂේප කරන බවත් එයට හේතුව ඔවුන් නව තාක්ෂණයෙන් නව දැනුමෙන් සන්නද්ධ නොවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (11) යාපනය මනිපායි, සෙන්දිලිප්පායි හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 231 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

Follow US

Most Viewed Stories