පිටිපන ලෙල්ලම අර්බුදයට සිදුකළ ඉල්ලීමක් මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Tuesday, 11 June 2024 - 18:22

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මීගමුව පිටිපන ලෙල්ලම කළමනාකරණය කිරීම සඳහා මීගමුව දිසා අධිකරණයේ නියෝගය පරිදි පත් කළ දේපළ භාරකරුගේ රාජකාරි කටයුතු අත්හිටුවමින් නියෝගයක් කරන ලෙසට සිදුකළ ඉල්ලීමක් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහිදී මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය විසින් තවදුරටත් නියෝග කරන ලද්දේ 2024 පෙබරවාරි 02වන දින මීගමුව දිසා අධිකරණය විසින් ලබාදුන් අතුරු නියෝගය ප්‍රකාරව එම අධිකරණය විසින් ආඥා කොට පත්කරන ලද දේපළ භාරකරු හට කිසිදු බාධාවක් නොමැතිව සිය රාජකාරි කටයුතු සිදුකරගෙන යෑමට ඉඩ සලසා දිය යුතු බවයි.

මීගමුව පිටිපන ලෙල්ලම කළමනාකරණය කිරීම සඳහා දේපළ භාරගන්නෙකු පත්කර, එම දේපල, ගිණුම් සහ මුදල් ඔහුවෙත භාර දෙන ලෙසට මීගමුව දිසා අධිකරණය විසින් පසුගිය පෙබරවාරි මස 02වන දින ලබාදුන් අතුරු නියෝගයට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් වන මීගමුව පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික විසින් ගොනුකර ඇති අභියාචනයට අවසර ලබා දෙමින් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරුන් වන රාමනාදන් කන්නන් සහ ඉවෝන් ප්‍රනාන්දු විසින් මෙම නියෝගය සිදුකරනු ලැබුවා.

තවද, දැනට මීගමුව දිසා අධිකරණයේ විභාග වෙමින් පවතින මීගමුව පිටිපන ලෙල්ලම පිහිටි දේපළ පිළිබඳ ප්‍රධාන නඩු විභාගය ද මෙම අභියාචනා නඩුවට සමගාමීව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවන් විසින් ප්‍රකාශ කර සිටියා.

එහිදී මෙම නඩුවේ පැමිණිලිකාර වගඋත්තරකාර කොළඹ අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් අධිකරණයට දැනුම්දෙන ලද්දේ, මීගමුව පිටිපන ලෙල්ලම කළමනාකරණය කිරීමට දේපළ භාරගන්නෙකු පත්කර, එම දේපල, ගිණුම් සහ මුදල් ඔහුවෙත භාර දෙන ලෙසට මීගමුව දිසා අධිකරණය විසින් පසුගිය පෙබරවාරි මස 02වන දින ලබාදුන් අතුරු නියෝගය ප්‍රකාරව ගරු අධිකරණය විසින් පත්කරන ලද දේපළ භාරගන්නා වෙත එම දේපළ භාරදීම මීගමුව දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා සහ පිස්කල් විසින් පසුගිය 07වන දින සිදුකිරීමෙන් පසුව ඔහු විසින් එම දේපලේ පරිපාලන සහ කළමණාකරණ කටයුතු මේ වන විට යථා පරිදි සිදුකරමින් පවතින බවයි.

මෙම අභියාචනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ ම ලිඛිත දේශන 2024 ජූලි මස 30 වන දින ගොනු කිරීමටත්, විවාදය ඔක්තෝබර් මස 10වන දින පැවැත්වීමටත් එහිදී වැඩිදුරටත් නියෝග කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories