ඉහළ අහසේ දී චීනය හා නෙදර්ලන්තය පැටලෙයි

Tuesday, 11 June 2024 - 18:33

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චීනයට නෙදර්ලන්තය චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ඒ නැගෙනහිර චීන මුහුදට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ සිය හමුදා හෙලිකොප්ටර් යානයක් ​​ආසන්නයට චීනය ගුවන් හමුදා ජෙට් යානා එවා තිබූ බව පවසමින්.

එම ජෙට් යානා හෙලිකොප්ටරය ආසන්නයේ පියාසර කර ඇති බව පවසන නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, චීනයේ එම ක්‍රියාකලාපය සිය හෙලිකොප්ටර් යානය සඳහා අනාරක්ෂිත තත්වයක් ඇති කළ බවයි.

තව ද ප්‍රකාශයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටියේ, උතුරු කොරියාවට එරෙහිව සමුද්‍රීය සම්බාධක ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කරන බහුජාතික එක්සත් ජාතීන්ගේ සභාගයට සහාය දැක්වීම සඳහා මුර සංචාරයේ යොදවා සිටි හෙලිකොප්ටරයකට, චීන ප්‍රහාරක ජෙට් යානා දෙකක් බාධා එල්ල කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වන ‍ඡායාරූප ද නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යංශය සිය X ගිණුමේ පළ කර තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන් අවකාශයේ සිදුවූ මෙම සිදුවීම අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කළ බවටයි එම අමාත්‍යංශය චෝදනා කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories