ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පත අවසන් කිරීම සදහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් එහි අවසන් කෙටුම්පත ජූනි 14වන විට සංසදයට ඉදිරිපත් කරන ලෙසත් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අදාළ සියලු පාර්ශ්වයන්ට පසුගියදා දැනුම් දුන්නා.
සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළ අතර සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සදහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මෙම පනත් කෙටුම්පත සකස්වන බවත් මෙහිදී අනාවරණය වුණා.
එසේම කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව මෙය කෙටුම්පත් කළ යුතු බවත් මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දුන්නා.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු සියලු පාර්ශ්ව මැදිහත්ව මෙය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
අනතුරුව අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන අවසන් ලියවිල්ල සකස්කළ හැකි බවයි සංසදයේ සභාපතිවරයා සදහන් කළේ.

Follow US

Most Viewed Stories