පාකිස්ථානු - කැනඩා සටනේ කාසියේ වාසිය පාකිස්ථානයට

Tuesday, 11 June 2024 - 19:37

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවැත්වෙන 22 වැනි තරගය වන පාකිස්ථාන - කැනඩා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00ට ආරම්භ වන අතර, තරගය Nassau County International Cricket Stadium, New York හිදී පැවැත්වීමට නියමිතයි.

2024 T20 ලෝක කුසලානයේ 21 වැනි තරගය ලෙසින් ඊයේ පැවති දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 04 කින් එම තරගය ජය ගැනීමට සමත්වුණා.

ඒ අනුව, 'ඩී' කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව මෙතෙක් සහභාගි වූ තරග තුනම ජයගෙන ලකුණු සටහනේ ඉහළම ස්ථානයේ සිටින අතර, පිළිවෙලින් තරග දෙකකට සහභාගි වී එක් තරගයක් ජයගෙන ඇති බංග්ලාදේශය දෙවන ස්ථානයේත්, නෙදර්ලන්තය තුන්වැනි ස්ථානයේත්, නේපාලය සිව්වැනි ස්ථානයේත්, සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව පස්වැනි හෙවත් අවසන් ස්ථානයේත් පසුවෙනවා.

ඒ අනුව, T20 ලෝක කුසලානයේ 23 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නේපාලය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12) අලුයම 05.00ට Central Broward Regional Park Stadium Turf Ground, Lauderhill, Florida හිදී තරගවැදීමට නියමිත අතර, යම් හෙයකින් එම තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත් වූවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇති.

එමෙන්ම, T20 ලෝක කුසලානයේ 24 වැනි තරගය ලෙස ඔස්ට්‍රේලියාව සහ නැමීබියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 06.00ට Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදී තරගවැදීමට නියමිතයි.

T20 ලෝක කුසලානයේ මූලික වටයේ තරග 40ක් පැවැත්වෙන අතර, අනතුරුව සුපිරි අට දෙනාගේ වටයේ තරග 12ක් පැවැත්වෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories