ඉන්දියාව සහ අමෙරිකාව අතර ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක්

Tuesday, 11 June 2024 - 19:50

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දු - අමෙරිකානු හමුදාවේ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම සාකච්ඡාවේ දී ඉහළ ම අමෙරිකානු සහ ඉන්දියානු ආරක්ෂක නිලධාරීන්, විශේෂයෙන් ම ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද - ඉන්දියා හමුදා හවුල්කාරිත්වයේ වැඩෙන වැදගත්කම ඉස්මතු කර ඇති බවයි.

මේ අතර බැංගලෝර් හි පැවති 'ප්‍රගතියේ හවුල්කරුවන්' සම්මන්ත්‍රණයේදී, ඉන්දීය නාවික හමුදාවේ රියර් අද්මිරාල් නිර්භයි බාප්නා රටවල් දෙක අතර ඇති පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය අගය කර තිබෙනවා.

වැඩිදියුණු කළ තොරතුරු හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය දැනුවත්භාවය තුළින් ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා ඔවුන්ගේ ඒකාබද්ධ කැපවීම ඔහු විසින් අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඉන්දියාවට අනියුක්ත අමෙරිකාවේ ආරක්ෂක උපදේශක රියර් අද්මිරාල් මයිකල් බේකර් ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා එක්සත් ජනපද-ඉන්දියා ආරක්ෂක හවුල්කාරිත්වයේ වැදගත් කාර්යභාරය ද අවධාරණය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories