General14 June 2024

කතරගම සුරාසැල් ජුලි 06 සිට ජුලි 22 දක්වා වැසේ

කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දමන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්.

මෙම පෙරහැර ආරම්භ වන ජුලි 06 සිට ජුලි 22 දක්වා සුරාසැල් වසා තබන බවයි සඳහන් වන්නේ.

බලපත්‍රලාභී සුරාසැල් වසා දැමීමට සුරාසැල් කොමසාරිස්වරයා ද දැනුවත් කර ඇති බව සඳහන් වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes