General25 July 2024

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජිවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 81ක්.

කලක සිටි රෝගී තත්වයෙන් පසු ඔහු ඊයේ රාත්‍රීයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී අභවප්‍රාප්ත වූ බවයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

1943 වසරේ බදුල්ල - ලුණුගල ප්‍රදේශයේ උපත ලද මොහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වනවා.

වික්‍රමබාහු කරුණාරත්න බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්.

ඔහු අවුරුදු හතළිහක් පූර්ණකාලීනව වාමාංශික දේශපාලනය කළ අතර, තමන් උගත් දෙයින් ප්‍රයෝජනයක් ගත යුතු නිසාම ඉඩ ලැබෙන අතරතුර පර්යේෂණ කටයුතුවල නිරත වී තිබෙනවා.

ඔහු වාමාංශික දේශපාලනය වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ, අසීරුම අවස්ථාවන්හිදී පවා නොවෙනස්ව තම ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි සුවිශේෂී නායකයෙක්.

ඔහුගේ අභාවය මෙරට වාමාංශික දේශපාලනයෙහි එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරයි.
Related recommendation
Hiru TV News | Programmes