General11 September 2024

සමරිසි ඡන්ද පෝලිම් ගැන ඇත්ත මෙන්න

මෙවර ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ගැහැනු පිරිමි මිශ්‍ර පෝලිම් පවත්වන බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එසේම සමරිසි ඡන්ද දායකයන් ඡන්දය ලබා දීමේදී පත්වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගත් බවටයි වාර්තා සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත්, හිරු ප්‍රවෘත්ති කළ විමසීමේදී කොමසාරිස් ජනරාල් පැවසුවේ එවැනි තීන්දුවක් මැතිවරණ කොමිෂන් සභාව ගෙන නොමැති බවයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ, එසේ පලවන වාර්තා සියල්ල අසත්‍ය බවයි.


Related recommendation
Hiru TV News | Programmes