General30 September 2024

ඉන්ධන මිල පහළට (UPDATE)

UPDATE : (30/09) 22:00 P.M.

ලංකා IOC සමාගම සහ සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සමානව එම සමාගම්වල ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව එම සමාගම දැනුම්දෙනු ලැබුවා.


----------------------------------


මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව, රුපියල් 332ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311ක් ලෙස සටහන් වුණා.

රුපියල් 307ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 283ක්.

එමෙන්ම රුපියල් 352ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 319ක්.

එමෙන්ම රුපියල් 202ක්ව පැවති, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 183ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස  පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 377ක් ලෙස පවතිනවා.

Related recommendation
Hiru TV News | Programmes