General17 January 2025

සංචාරකයන් රැගත් බස් රථයක් අධිවේගයේ දී ලොරියක ගැටී රියදුරු මියයයි

දක්ෂිණ අධිවේගි මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතරදී තංගල්ල දෙසට ධාවනය වූ රුසියානු සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටීම හේතුවෙන් අද (17) අලුයම අනතුරක් සිදුව තිබුණා.

සිදු වූ එම අනතුරින් බස් රථයේ රියදුරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයි 19 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ පිරිස අතර සිටින සංචාරක මඟ පෙන්වන්නාගේ තත්ත්වය ද බරපතළ බවත් ඔහු මේ වනවිට හදිසි ශල්‍යකර්මකට යොමුකර ඇති බවත් රෝහල් පොලිසිය සඳහන් කළා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශිය ජාතිකයින් 30 දෙනෙකු පමණ ගමන් කර තිබුණා.


Related recommendation
Hiru TV News | Programmes