General01 February 2025

රුපියල් මිලියන 180,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ අසූ දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05දා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ලබන 05 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් එහි සදහන්.
Related recommendation
Hiru TV News | Programmes