General12 February 2025

අසලංකගෙන් සටන්කාමී ශතකයක්

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගයේ කාසිය වාසිය දිනා පළමුව පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චරිත් අසලංක ශතකයක් වාර්තා කළා.

ඒ මුල්පෙළ පිතිකරුවන් එකිනෙකා අඩු ලකුණුවලට දැවී යමින් ශ්‍රී ලංකා පිළ දරුණු පසුබෑමකට ලක්ව සිටින මොහොතයි.

එවන් මොහොතක දී චරිත් අසලංක පන්දු 112ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමගිනුයි මෙම ලකුණු 100 වාර්තා කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 43.4ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 194ක් ලබා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes