General19 February 2025

අලුත්කඩේ උසාවිය තුළදී ගනේමුල්ල සංජීවට වෙඩි(වීඩියෝ)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවිය අසල දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔහුව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණ අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසුවේ.

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes