General19 February 2025

ජාතික ජන බලවේගයේ නායකයින් අද මැතිවරණ කොමිසමට

ජාතික ජන බලවේග පක්ෂ නායකයින් අද පෙරවරුවේ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමට නියමිතයි.

පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ සූදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග සාකච්ඡා කරනු ඇති.

මේ අතර පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත් වුණා.
Related recommendation
Hiru TV News | Programmes