පාතාල කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) දින අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සොහොදරයකු විසින් මෙම මෝසම ගොනු කළා.
මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා කියා සිටියේ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බවයි.
මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව පුද්ගලයින් දෙදෙනකු බවයි.
මේ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුව තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් නීතිඥවරුන්ට දන්වා සිටියා.

Latest News
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026