General26 February 2025

තවත් ආනයනික වාහන තොගයක් මෙම සතියේ දිවයිනට

රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග භාවිත කළ මෝටර් රථවල දෙවන කාණ්ඩය අනිද්දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

එහිදී වාහන 196ක් මෙරටට පැමිණීමට නියමිත බවයි වරාය ආරංචි මාර්ග සදහන් කළේ.

මේ අතර භාවිත කළ මෝටර් රථවල පළමු කාණ්ඩය තායිලන්තයේ සිට කොළඹ වරායට පැමිණියා.

ඒ අනුව ඉදිරියේදී ජපානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් මෙලෙස වාහන ගෙන්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රෝද්‍රිගෝ කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes