General12 March 2025

GMOA වැඩවර්ජනය හෙටත්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැණුන ද සංකේත වර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල ඇතුලු‍ රෝහල් රැසකම බාහිර රෝගී අංශය ඇතුලු රෝහල් කටයුතු අඩපණ වී තිබෙනවා.

ඒ අනුව එම රෝහල්වල අද සිදුවන්නේ හදිසි අනතුරු සහ හදිසි සේවා පමණයි.

කෙසේ වෙතත් සිය සෞඛ්‍ය සේවා සපුරා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන් අද දැඩි අපහසුතාවට පත්ව සිටි බව හිරු ප්‍රාදේශිය වාර්තාකරුවන් සදහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes