General22 April 2025

ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් (Update) (වීඩියෝ)


Update (22/04) 22:55 P.M.
වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වූ බවට පොලිසිය විසින් මින් පෙර සඳහන් කළ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කරනවා.

එහිදී ඔහු සඳහන් කරන්නේ මේ වනවිට වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි.

මීතොටමුල්ල ප්‍රදේශයේදී මීට මොහොතකට පෙර සිදුකළ වෙඩිතැබීමකින් රෝහල්ගත කළ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මින් පෙර පොලිසිය විසින් සඳහන් කරනු ලැබුවේ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් මින් පෙර පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින්



====================

Update  

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

====================

(22/04) 21:33 P.M.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව පොලිසිය පවසනවා.

ඒ මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදීයි.

සාදයකට සහභාගිවී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.






Related recommendation
Hiru TV News | Programmes