General19 October 2025

'ගම්පහ බබා' T - 56 උණ්ඩ 50ක් ගැන වමාරයි

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'ගම්පහ බබා' නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T - 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබෙනවා.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා ඊයේ (18) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙනවිත් තිබුණා.

එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත මෙම ජීව උණ්ඩ 50ක පමණ ප්‍රමාණය කඳාන කෙරවලපිටිය අධිවේගි පිවිසුමේ කණුවක් අසල තිබි සොයාගෙන තිබෙනවා.

අදාල පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහුට ඒවා ලබාදී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් බව අනාවරණ කර තිබුණා.

සිද්ධිය සම්බද්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Related Recommends
Hiru TV News | Programmes