International06 June 2026

අමෙරිකාව සහ ඉරානය ගල්ෆ් කලාපයේදී ප්‍රහාර එල්ල කර ගනී

හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට දියත් කරන ලද ඉරාන "එක්-දිශා ප්‍රහාරක ඩ්‍රෝන යානා" (one-way attack drones) හතරක් බිම හෙලූ බව අමෙරිකානු හමුදාව පවසා තිබෙනවා.

එම ඩ්‍රෝන යානා "කලාපීය සමුද්‍රීය ගමනාගමනයට ක්ෂණික තර්ජනයක් එල්ල කළ" බවටයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අමෙරිකානු මධ්‍යම බලඇණිය (Centcom) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "වැඩිදුර ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා අමෙරිකානු හමුදා පසුව ගොරුක් (Goruk) සහ කේෂ්ම් දූපතේ (Qeshm Island) පිහිටි ඉරාන වෙරළබඩ නිරීක්ෂණ රේඩාර් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ" බවයි.

මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කුවේට්හි පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරු දෙකකට සහ බහරේන්හි පිහිටි අමෙරිකානු නාවික හමුදා පහසුකම් වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ රාජ්‍ය අයි.ආර්.අයි.බී. (Irib) පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

සෙන්ට්කොම් (Centcom) ආයතනය පැවසුවේ මූලික තක්සේරුවලට අනුව, ගල්ෆ් කලාපීය රටවල් දෙක වෙත ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල හතෙන් හයක්ම අතරමඟදී විනාශ කර දැමූ බවත්, එකක් එහි ඉලක්කය වෙත ළඟා නොවූ බවත්.

මෙම සිදුවීම වාර්තා වන්නේ අමෙරිකාව සහ ඉරානය අතර පැවති බිඳෙනසුලු සටන්විරාම ගිවිසුමට තර්ජනයක් වෙමින් දෙපාර්ශවය අතර ප්‍රහාර හුවමාරු වී දින කිහිපයකට පසුවයි.

මූලාශ්‍රය | BBC
Related recommendation
Hiru TV News | Programmes