හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට දියත් කරන ලද ඉරාන "එක්-දිශා ප්‍රහාරක ඩ්‍රෝන යානා" (one-way attack drones) හතරක් බිම හෙලූ බව අමෙරිකානු හමුදාව පවසා තිබෙනවා.
එම ඩ්‍රෝන යානා "කලාපීය සමුද්‍රීය ගමනාගමනයට ක්ෂණික තර්ජනයක් එල්ල කළ" බවටයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අමෙරිකානු මධ්‍යම බලඇණිය (Centcom) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "වැඩිදුර ප්රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා අමෙරිකානු හමුදා පසුව ගොරුක් (Goruk) සහ කේෂ්ම් දූපතේ (Qeshm Island) පිහිටි ඉරාන වෙරළබඩ නිරීක්ෂණ රේඩාර් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ" බවයි.
මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කුවේට්හි පිහිටි අමෙරිකානු ගුවන් කඳවුරු දෙකකට සහ බහරේන්හි පිහිටි අමෙරිකානු නාවික හමුදා පහසුකම් වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ රාජ්‍ය අයි.ආර්.අයි.බී. (Irib) පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.
සෙන්ට්කොම් (Centcom) ආයතනය පැවසුවේ මූලික තක්සේරුවලට අනුව, ගල්ෆ් කලාපීය රටවල් දෙක වෙත ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල හතෙන් හයක්ම අතරමඟදී විනාශ කර දැමූ බවත්, එකක් එහි ඉලක්කය වෙත ළඟා නොවූ බවත්.
මෙම සිදුවීම වාර්තා වන්නේ අමෙරිකාව සහ ඉරානය අතර පැවති බිඳෙනසුලු සටන්විරාම ගිවිසුමට තර්ජනයක් වෙමින් දෙපාර්ශවය අතර ප්‍රහාර හුවමාරු වී දින කිහිපයකට පසුවයි.
මූලාශ්‍රය | BBC

Latest News
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026
බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා: NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ
Local
06 June 2026
සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Local
06 June 2026
මැදපෙරදිග අර්බුදය නිසා ලාංකිකයින් ලක්ෂ 13ක් දැඩි ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක්
Local
06 June 2026
අද සහ හෙට කොටා පාර දුම්රිය හරස් මාර්ගය වැසෙයි
Local
06 June 2026
කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළට
Local
06 June 2026
2026 වසරේ ලොව වැඩිම ආදායමක් ඉපැයූ ක්‍රීඩකයින් 10 දෙනාගේ ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව නිකුත් කරයි
Local
06 June 2026
මීගොඩ දන්සල් අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
06 June 2026
අමෙරිකාව සහ ඉරානය ගල්ෆ් කලාපයේදී ප්‍රහාර එල්ල කර ගනී
Local
06 June 2026