නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරමින් රජයට රුපියල් එක් කෝටි හතළිස් තුන් ලක්ෂයකට (රු. 14,300,000) ආසන්න මුදලක පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණ සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (19) නියෝග කළා.
සැකකරු ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න නම් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා මෙලෙස ඇප මත මුදා හැර තිබෙනවා.
අද පෙරවරු 09.55ට පමණ අල්ලස් කොමිෂමේ සභා නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගැනීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව, ව්‍යාජ ප්‍රති ඇණවුමක් හරහා ඒවා ලබාගෙන තිබීම හේතුවෙන් රුපියල් 14,300,000ක පමණ මුදලක් රජයට අහිමි වී තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026