General19 June 2026

ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට ඇප

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරමින් රජයට රුපියල් එක් කෝටි හතළිස් තුන් ලක්ෂයකට (රු. 14,300,000) ආසන්න මුදලක පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණ සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (19) නියෝග කළා.

සැකකරු ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න නම් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා මෙලෙස ඇප මත මුදා හැර තිබෙනවා.

අද පෙරවරු 09.55ට පමණ අල්ලස් කොමිෂමේ සභා නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගැනීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව, ව්‍යාජ ප්‍රති ඇණවුමක් හරහා ඒවා ලබාගෙන තිබීම හේතුවෙන් රුපියල් 14,300,000ක පමණ මුදලක් රජයට අහිමි වී තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes