General20 June 2026

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දිස්ත්‍රික්ක 4කට වැසි වාර කිහිපයක්

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (20) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, අද දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මීට අමතරව, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහාද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතිය හැකි වුවත්, ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි තත්ත්වයක් වර්ධනය විය හැකි බවත්, ඒ අනුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes