International20 June 2026

ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ

ලෙබනනය තුළ ඇති වූ සටන්විරාම තත්ත්වයත් සමග, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික යුද සම්මුතිය ස්ථිර කලාපීය සාම ගිවිසුමක් දක්වා වර්ධනය කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් යළිත් වේගවත් වී තිබෙනවා.

ඒ අනුව, මෙම තීරණාත්මක සාකච්ඡා වටය සඳහා අමෙරිකානු විශේෂ දූත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙර දෙපාර්ශවය අතර පැවති ගැටුම්කාරී වටපිටාව සමනය කරමින් ඇති වූ මෙම නව සටන්විරාමය, කලාපීය ආරක්ෂාව තහවුරු කෙරෙන දීර්ඝකාලීන එකඟතාවකට මඟ පාදනු ඇතැයි විදේශීය දේශපාලන විචාරකයන් අපේක්ෂා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes