International21 June 2026

අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි

කටාර් රාජ්‍යය සහ පාකිස්ථානය මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවත්වනු ලබන විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Bürgenstock) නුවරදී ආරම්භ වී ඇති බව කටාර් විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කරනවා.

ඒ අනුව, දෙපාර්ශ්වය අතර මෑතකදී අත්සන් තැබුණු අන්තර්කාලීන අවබෝධතා ගිවිසුමක (MoU) කොන්දේසි ක්‍රියාත්මක කිරීම සහ කලාපීය සාමය තහවුරු කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාජිඩ් අල්-අන්සාරි (Majed al-Ansari)සඳහන් කර ඇත්තේ, මෙම අවබෝධතා ගිවිසුමේ සියලුම අංශ ආවරණය වන පරිදි අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා විශේෂිත තාක්ෂණික සහ විශේෂඥ ක්‍රියාකාරී කණ්ඩායම් පිහිටුවා ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes