පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙයට මාස කිහිපයකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසිකර ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලද මෙම සිසුවා විශ්ව විද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත විශ්ව විද්‍යාලිය විනය පාලක අංශය නේවාසිකාගාරයේ ඔහු සිටි කාමරය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණා.
මත්ද්‍රව්‍ය කිරා වෙන්කිරීමට භාවිත කරන ඩිජිටල් තරාදියක් හා රුපියල් 75000ක මුදලක් ද සිසුවා සන්තකයේ තිබී විනය පාලක අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිය දී විශ්වවිද්‍යාලය මගින්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.
විශ්වවිද්‍යාලය මගින් සිදුකළ එම පරීක්ෂණ වාර්තාවට අනුව සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණය වී තිබෙන අතර උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගේ නිර්දේශ මත ඊට අදාළ ලිපිය සිසුවා වෙත බාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
Local
22 June 2026
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය: ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු
Local
22 June 2026
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
22 June 2026
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026