රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පෙරහැරට රැගෙනවිත් සිටියදී කුලප්පු වී ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා පාගා මරා දැමූ ඇබිලිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත්අ ලියා, නිර්වින්දනය කර ආරක්ෂිතව අල්ලා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා.
ඇත්ගොව්වාට සහ සහයකයාට පහරදීමෙන් අනතුරුව අලියා විහාරස්ථානය අසල පිහිටි කුඹුරු යායකට පැන ගොස් රැඳී සිටින අතර, වනජීවී නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ළඟා වී අලියා පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ 78 වන පොසොන් පෙරහැර (මිහිඳු පෙරහැර) සඳහා පසුගිය 20 වන සෙනසුරාදා මෙම අලියාව රැගෙනවිත් තිබුණා.
පෙරහැර අවසන් වීමෙන් පසු විහාරස්ථානය අසල බැඳ සිටි අලි දෙදෙනාගෙන් මෙම අලියාට දිය නෑවීම සහ ජලය ලබා දීම සඳහා ඇත්ගොව්වාගේ සහයකයා (ගෝලයා) විසින් අද (22) උදෑසන රක්වාන ගඟට රැගෙන ගිය අවස්ථාවේදී අලියා එකවරම කුලප්පු වී ඔහුව පාගා මරා දමා තිබෙනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ හස්තිපාලක ලෙස කටයුතු කළ සුනිල් ශාන්ත (කලු) සහ සහාය හස්තිපාලක ලෙස කටයුතු කළ ප්‍රවීන් මධුශාන් යන අයයි.
සහයකයාගේ කෑගැසීමට ඇත්ගොව්වාද වහා එම ස්ථානයට දිව ගොස් ඇති අතර, එහිදී කුලප්පු වී සිටි අලියා ඇත්ගොව්වාටද පහර දී තිබෙනවා. මෙම පහරදීමෙන් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීමෙන් අනතුරුව අලියා අසල කුඹුරු යායට වැදී සිටින අතර, ප්‍රදේශයේ තත්ත්වය පාලනය කරමින් අලියාගෙන් තවදුරටත් හානියක් නොවීමට වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව කටයුතු කරමින් සිටියි.
අලියා නිර්වින්දනය කර මෙල්ල කර ගැනීමට වනජීවී නිලධාරීන් උපරිම උත්සාහයක් දරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Latest News
ප්‍රතිභා සම්පන්න භූමි සැලසුම් සංකල්පයෙන් හෙබි සුවිශේෂී කඩුවෙල නගර මධ්‍යයෙන් අභිනවයෙන් කරළියට පැමිණෙන නවතම නිවාස ව්‍යාපෘතිය, පෙර-විකිණුම් නිවාස වෙන්කරවා ගැනීමේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ සාර්ථකත්වයේ අරුණළු සනිටුහන් කරයි
Local
22 June 2026
සුවසැරිය ශිල්පීන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවක්
Local
22 June 2026
බාල වයස්කාර සිඟිත්තියක් කූරත්වයට පත් කළැයි අයෙක් රිමාන්ඩ්
Local
22 June 2026
සාර්ක් මහලේකම්වරයා අගමැතිනිය හමුවෙයි
Local
22 June 2026
ගෙවල් රැසකට සුද්දේ දීපු ''ටික්කා'' මාට්ටු
Local
22 June 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම් තරග බිමට
Local
22 June 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදා
Local
22 June 2026
ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්: වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දෙන්න සැරසෙයි
Local
22 June 2026
මැයි මාසයේ උද්ධමනය ඉහළට
Local
22 June 2026
“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ
Local
22 June 2026