හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වන සුගීශ්වර බණ්ඩාර කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරතුර, එහි සිටි බිනෝයි හෙට්ටිආරච්චිව ද කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට එරෙහිව 'රට Next' සංවිධානය සිය බලවත් විරෝධය පළ කර සිටිනවා.
'රට Next' සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ජූනි 18 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණ නියෝගයක් මත සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත් බවත් කෙසේ වෙතත්, එම අවස්ථාවේ ඔහු සමඟ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙකු වන බිනෝයි හෙට්ටිආරච්චි ද නාරාහේන්පිට ප්‍රදේශයට රැගෙන ගොස් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
බිනෝයි හෙට්ටිආරච්චි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කටයුතු මෙහෙයවන්නෙකු වන බැවින්, මෙම ක්‍රියාමාර්ගය දේශපාලන පළිගැනීමක් ද යන්න පිළිබඳව සමාජය තුළ සාධාරණ සැකයක් මතු වී ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය මඟින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් මෙම ක්‍රියාවලිය තුළ උල්ලංඝනය වී ඇත්දැයි ගැටලුවක් පවතින බව ද ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් 'රට Next' සංවිධානය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව වහාම ස්වාධීන හා අපක්ෂපාති පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.

Latest News
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026